Colombo Today Local News

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

ගම්පහ පොලිස් වසමේ මාකෙවිට ප්‍රදේශයේ දී නිවසක් තුළ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබේ.

බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

කලක සිට පවතින ඉඩම් ආරවුලක් දුරදිග හේතුවෙන් සැකකරු මරණකාරියගේ නිවසට ගොස් ආරවුලක් ඇති කරගෙන තිබේ.

එහිදී තියුණු ආයුධයකින් මරණකාරියට පහරදී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒමෙන් ICCයෙන් තහනමක් පැනවූවොත් වගකීම 225 දෙනා භාරගත යුතුයි

Admin

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක්

colombotoday

දිණුවොත් අවසන් පූර්ව වටයට.. පැරදුණොත් ගෙදර.. ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය සජීවිව

colombotoday

අගමැති නෑ කියූ දේ ඉන්දියාවේදී කරයි.. ලංකාව ඉන්දියාවට අමුණන අධිවේගී මාර්ගය ගැන සාකච්ඡා

colombotoday

බදියුදීන් අධිකරණය ට ඉදිරිපත් කෙරේ

colombotoday

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin