Colombo Today Local News

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරින්ගේ අවධානය යොමුව ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

කෙසේ වෙතත්, මාකඳුරේ මධුෂ් තමා මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් එරට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, එම පෙත්සම ලබන 18 වනදා සලකා බැලීමට නියමිත වනවා.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයේ දී අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් 13 දෙනෙකු ඊයේ වන විට මෙරටට පිටුවහල් කර තිබුණා.

ඊට අමතරව ලබන සතියේ දී තවත් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇති බවයි ඩුබායි ආරංචි මාර්ග පවසන්නේ.

ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු කිහිප දෙනෙකු ලබන සති අන්තයේදී හෝ ඊට පසුව මෙරටට පිටුවහල් කරනු ඇති බවත් වාර්තා වනවා.

මේ අතර, මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට විදේශ ඇමති තිලක් මාරපන මහතා ඇතුළු කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පසුගියදා පිටත්ව ගියා.

ඉකුත් 3 වනදා එම කණ්ඩායම එරට විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එම සාකච්ඡාද සාර්ථක වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

Related posts

දැරියව අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් ගැන හෙළි වෙයි | දැනට 32ක් අත්අඩංගුවේ

colombotoday

ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීරයි… එම ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සටන් කරනවා

colombotoday

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

colombotoday

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

Admin

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ

colombotoday

නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යවශ්‍යයි… ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday