Colombo Today Local News

අතුරු සම්මත ගිණුම සිකුරාදා පාර්ලිමේන්තුවට

ඉදිරි මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


දැනට පවතින ලෝක ආර්ථික තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සළකා බලා දිය හැකි ජනතා සහන උපරිම ලෙස අතුරු සම්මත ගිණුමට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය.


එක්සත් ජාතික පෙරමුණු ජාතික සමගි රජය යටතේ ලබන වසරේ පෙබරවාරි අග ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට ජනතා සහන රැසක් ඇතුළත් කිරීමට නියමිතව ඇතැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.


එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අයවැය ලේඛනය ඉකුත් නොවැම්බර් 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඔක්තෝබර් 26 වැනි දා සිට ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද මහ ලේකම්වරයා පැවසීය.

Related posts

මට්ටකුලියේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

colombotoday

මංගල ලැයිස්තුවෙන් ඉවත් වීම රනිල්ගේ උපායක් ඉදිරියේ දී තවත් මෙහෙයුම්

colombotoday

විද්‍යුත් මාධ්‍යයට ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

colombotoday

වලපනේ තවත් භූ කම්පනයක්

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday