Colombo Today Local News

අතුරු සම්මත ගිණුම සිකුරාදා පාර්ලිමේන්තුවට

ඉදිරි මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


දැනට පවතින ලෝක ආර්ථික තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සළකා බලා දිය හැකි ජනතා සහන උපරිම ලෙස අතුරු සම්මත ගිණුමට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය.


එක්සත් ජාතික පෙරමුණු ජාතික සමගි රජය යටතේ ලබන වසරේ පෙබරවාරි අග ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට ජනතා සහන රැසක් ඇතුළත් කිරීමට නියමිතව ඇතැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.


එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අයවැය ලේඛනය ඉකුත් නොවැම්බර් 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඔක්තෝබර් 26 වැනි දා සිට ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද මහ ලේකම්වරයා පැවසීය.

Related posts

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

colombotoday

මන්ත්‍රී ප්‍රසන්න රණවීර කතානායක පුටුවේ වතුර හලයි…

colombotoday

ඉන්දීයාවේ පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹට

colombotoday

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

colombotoday

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

colombotoday