Colombo Today Local News

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරුපැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස අදාළ අංශ වෙත කර්මාන්ත ඇමැති විමල් වීරවංශ උපදෙස් ලබා දී තිබේ.

යතුරුපැදි එකලස්කරුවන් සහ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ අතර පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා අදාළ අංශ වෙත මෙලෙස උපදෙස් ලබා දුන්නේය. 2019 වසරේ යතුරුපැදි ආනයනය සඳහා මෙරට රුපියල් බිලියන 42ක් වැය කර ඇති අතර අමතර කොටස් සඳහාද විශාල වියදම් දරා ඇත.

යතුරුපැදි දේශීයව එකලස් කිරීම සහ අවශ්‍ය උපාංග නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරීම තුළින් එම ආනයන වියදම් ඉතිරි කරගත හැකි බවත් ඒ සඳහා තමන්ට හැකියාව ඇති බවත් යතුරුපැදි එකලස් කරන්නන් සහ උපාංග නිෂ්පාදකයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. උපාංග ආනයනය කිරීමට මාස 06ක කාලයකට අවසර ලබාදෙන ලෙස එකලස් කරන්නන් යෝජනා කළද යතුරුපැදි එකලස් කිරීම සහ උපාංග මෙරට තුළදී නිෂ්පාදනය කිරීම රජයේ ප්‍රතිපත්තිය සහ දිරිමත් කිරීම බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඔවුන්ට අවශ්‍ය සියලු සහාය ලබාදීමට මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා පොරොන්දු විය.

Related posts

“බඩුත් එක්ක හොරු අහුවෙලා…” රහීම් රජයට කළ කෝටි 20ක පාඩුවක් ගැන හෙළිදරව්වක්

Admin

“බීර මිල අඩුකිරීමෙන් කාන්තාවන් හා ළමුන් මතට යොමු වෙනවා” – මාධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

colombotoday

“ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරනවා.. බ්‍රිතාන්‍යයේ නීතියට අනුකූල නීතියක් ගෙනෙනවා” – අගමැති

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday

නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනයක් අත ලඟ – හර්ෂගේ ඇමතිකම අනෝමාට

colombotoday

මගේ අමාත්‍යාංශය යටතේ තිබූ පොල් සමාගම් දෙක ඇමති කබීර් හෂීම් පවරාගෙන – නවීන් දිසානායක

colombotoday