Colombo Today Local News

“මාධ්‍යට හොද පාඩමක් උගන්වනවා.. 10 වෙනිදාට බලාගමු” – ඇමති කිරිඇල්ල

බොරු ප්‍රවෘත්ති මවන සමහර මාධ්‍යවලට පෙබරවාරි මාසේ 10 වෙනිදා අමතක නොවන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා යැයි සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

බොරු ප්‍රවෘත්ති, ගොතපු ප්‍රවෘත්ති අද මාධ්‍යවල පළ කරනවා. මාධ්‍යවලින් අපහාස කිරීමේ සීමාවක් තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ මාධ්‍ය 99 ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට විරුද්ධව කටයුතු කළා. හැමදාම එතුමා ගැන බොරු ප්‍රවෘත්ති මවලා, ගොතලා ඉදිරිපත් කළා. ට්‍රම්ප් මැතිතුමා මේකට හොඳ වචනයක් හැදුවා ෆේක් නිවුස්. (Fake News) එතුමා ජනතාව ඉදිරියට ගිහින් මේ ගැන කරුණු කිව්වා. 99 ක්ම මාධ්‍ය එරෙහිව ඉඳලත් එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ජනතාව ඒ දේ තේරුම් ගත්තා. ඒ නිසා මම මාධ්‍යයට කියනවා ඔබට සීමාවක් තියෙන්න ඕනේ, සීමාව ඉක්මවා ගියොත් ජනතාව පෙබරවාරි මාසේ 10 වෙනිදා උත්තරයක් දෙනවා. එදාට මේ රටේ සමහර මාධ්‍යවලට අමතක නොවෙන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා කියන එක මම කියන්න කැමැතියි.

මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ 13වන දින පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday

සිමෙන්ති මිල යළි ඉහළ යයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600 කට ස්ථාන මාරුවීම්

colombotoday

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday

අත්අඩංගුවට ගත් ඊ නිව්ස් කීර්ති රත්නායක ගුවන් හමුදාවෙන් පන්නා දැමූ හොරෙක්

colombotoday