Colombo Today Local News

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරුපැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස අදාළ අංශ වෙත කර්මාන්ත ඇමැති විමල් වීරවංශ උපදෙස් ලබා දී තිබේ.

යතුරුපැදි එකලස්කරුවන් සහ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ අතර පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා අදාළ අංශ වෙත මෙලෙස උපදෙස් ලබා දුන්නේය. 2019 වසරේ යතුරුපැදි ආනයනය සඳහා මෙරට රුපියල් බිලියන 42ක් වැය කර ඇති අතර අමතර කොටස් සඳහාද විශාල වියදම් දරා ඇත.

යතුරුපැදි දේශීයව එකලස් කිරීම සහ අවශ්‍ය උපාංග නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරීම තුළින් එම ආනයන වියදම් ඉතිරි කරගත හැකි බවත් ඒ සඳහා තමන්ට හැකියාව ඇති බවත් යතුරුපැදි එකලස් කරන්නන් සහ උපාංග නිෂ්පාදකයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. උපාංග ආනයනය කිරීමට මාස 06ක කාලයකට අවසර ලබාදෙන ලෙස එකලස් කරන්නන් යෝජනා කළද යතුරුපැදි එකලස් කිරීම සහ උපාංග මෙරට තුළදී නිෂ්පාදනය කිරීම රජයේ ප්‍රතිපත්තිය සහ දිරිමත් කිරීම බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඔවුන්ට අවශ්‍ය සියලු සහාය ලබාදීමට මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා පොරොන්දු විය.

Related posts

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර් අඩු කිරීමේ තීරණයක්

colombotoday

‘බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත්වීමෙන් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් නෑ’ – මහබැංකු අධිපති

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

colombotoday