අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය පරාජය කිරීමත් සමග ඔහුගේ එජාප නායකත්වය තහවුරු වී තවත් ශක්තිමත් වූ බවත්, අගමැතිවරයා දැන් සක්විති බවට පත්ව ඇති බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මෙම තත්වය වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමනට දැවැන්ත ශක්තියක් යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.
ඒකාබද්ද විපක්ෂය ගෙනා මෙම විශ්වාස භංගය අගමැතිවරයාට සෑම අංශයකින්ම ශක්තිමත් වීමට වෙස් වළාගත් ආශීර්වාදයක් වූ බවද ඇමතිවරයා තව දුරටත් පැවසීය.