නිවාස හා ඉංජිනේරු ඇමති සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දූෂණ සම්බන්ධයෙන් සහය නොදෙන ලෙස තමන් වෙත බල කෙරුණහොත් ධුරයෙන් ඉල්ලා අස් වන බව පැවසීය.
“දූෂිත පුද්ගලයින් රකින්නැයි කවුරුන් හෝ මට පැවසුවොත් මම මගේ ධුරයෙන් ඉල්ලා අස් වෙනවා.” ඇමතිවරයා පැවසීය.
යහපාලන ආණ්ඩුව පත් වුණේ ජනතාව දූෂණයෙන් මුදා ගැනීමට බව හෙතෙම එහිදී පැවසීය.
උදා ගම්මාන ව්‍යාපෘතිය යටතේ සියඹලාණ්ඩුවේ මනබරණගම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය