Colombo Today Local NewsHot News

“ඥානසාර හිමිත් ඇලෝසියස්ගෙන් සල්ලි අරන්” කතාව බොරු – රන්ජිත් ද සොයිසා

“ඥානසාර හිමිත් ඇලෝසියස්ගෙන් සල්ලි අරන්” යන ශීර්ෂය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සිදුකල ප්‍රකාශයක් යැයි සඳහන් කරමින් වෙබ් අඩවි කිහිපයක් සහ Facebook පිටු කිහිපයක් පළකර ඇති පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පුවත පිලිබදව බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය අංශය මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගෙන් විමසා සිටි බවත් බොදු බල සේනා සංවිධානය හෝ ඥානසාර හිමි හෝ දිලන්ත විතානගේ මහතා පිළිබඳව එවැනි ප්‍රකාශයක් තමන් සිදු නොකළ බවත් එවැනි අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත.

මෙවැනි අසත්‍ය මඩ ප්‍රචාර සිදු කරන වෙබ් අඩවි සහ facebook පිටු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත්(TRC) පැමිණිලි කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.

Related posts

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

colombotoday

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

Admin

ඉන්දීයාවේ පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹට

colombotoday

“යහපාලනය වනාහී හිරුණිකා විසින් නඩු අසා දඩුවම් දීමය” කළු ඩිෆෙන්ඩර් ගැන විමල් කියන කතාව

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday