සිංග්ප්පූරුවේ මව්න්ට් එළිසබෙත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් සිංගප්පූරු රෝහලට ඇතුළත් කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊයේ (26) ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර මේවන විට අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.