Colombo Today Local News

නිවසක තනිව සිටි තරුණ බිරිඳක් අභිරහස් ලෙස මරුට

නිවසක තනිව සිටි 25 හැවිරිදි තරුණියක් අද (11) පස්වරුවේ හදිසියේ මියගොස් ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියකි.

ඇය මීට මාස කිහිපයකට ඉහතදී විවාහ වූ තැනැත්තියක බව පොලීසිය කියයි.

මිය ගිය තරුණියගේ ස්වාමිපුරුෂයා රැකියාව නිමවී සවස නිවසට පැමිණීමේදී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්වී වැටී සිටින අයුරු දැක තිබේ.

පසුව ඔහු ඇයව ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මිය ගිය තරුණිය වැටී සිටි ස්ථානයට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන්වී පිටතට නෙරා තිබූ බවද පොලීසිය නිරීක්ෂණය කර තිබේ.

තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් පවතින බවද පොලිස් නිලධාරියෙකු පවසයි.

මරණයට හේතුව දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.

colombotoday

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

Admin

අඛණ්ඩව 6 වන දිනටත් ගැස් නෑ

colombotoday

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

colombotoday