Colombo Today Local NewsTop Stories

මාලිමා ඇමතිට උතුරේදී විරෝධයක්

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්ට යාපනය චෙම්මනි ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

මෙම විරෝධතාව පැවැත්වුණේ මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් උතුරේ සංචාරයක නිරත වන පසුබිමකයි.

එම විරෝධතාවකට එක් වීමට පැමිණි තවත් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුද පළවා හැරීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබුණි.

මෙරට නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මේ දිනවල උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරයක නිරතවෙමින් සිටී.

ඊයේ මහකොමසාරිස්වරයා ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වු අතර, ඊට සමගාමීව නැගෙනහිර පළාතේ වින්දිතයින්, බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ සංගමය, සිවිල් සංවිධාන සහ උතුරු නැගෙනහිර සමාජ ව්‍යාපාරය එක්ව මහ කොමසාරිස්වරයා දැනුවත් කිරීම වෙනුවෙන් සාමකාමී විරෝධතාවක ද නිරත විය.

විරෝධතාව පැවති ස්ථානයට පැමිණි වොල්කර් ටර්ක් ඔවුන් සමඟ සාකච්ඡාවකද නිරත වී තිබේ.ඔහුගේ උතුරේ සංචාරයට සමගාමීව යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණි.

මේ අතර, යාපනය චෙම්මනි සිද්ධියට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතාවයක්ද ක්‍රියාත්මක වී තිබුණි.ජනතා ක්‍රියාකාරී සංවිධානය විසින් මෙම විරෝධය සංවිධාන කර තිබුණේ ”‍නොනිවිය හැකි ආලෝකය”‍ නමින් එය සංවිධාන කර තිබුනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ යාපනය සංචාරයට සමගාමීවයි.

මේ අතර, විරෝධතාව පැවති ස්ථානයට පැමිණි දේශපාලන පක්ෂ නියෝජිතයින්ට විරෝධතාවයේ නිරත පිරිසකගෙන් දැඩි විරෝධය එල්ල විය.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ක්‍රියාකාරී නායක සී.වී.කේ. සිවඥානම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍යයන් රාසමාණික්කම් ද අද විරෝධතාව පැවති ස්ථානයට පැමිණි අතර, ඔවුන් පළවා හැරීමට එහි සිටි පිරිස කටයුතු කර තිබූ බව සඳහන්වේ.

එසේම, ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති ද එම ස්ථානයට පැමිණි අතර ඔහුවද පළවා හැර තිබුණා.

එසේම, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රරසේකරන් ද විරෝධතාව පැවති ස්ථානයට පැමිණි අතර, විරෝධතාකරුවන් ඔහුත් පලවා හැරීමටයි පියවර ගෙන තිබේ.

Related posts

ජනපති මෛත්‍රී පොළොන්නරුවේදී පොසොන් බැති ගී ගයයි (Video)

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

පාස්කු කොමිසමේ සියලු වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර ලබා දෙන්න

colombotoday

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත පළමුවරට කතා කරයි

colombotoday

හෙට සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දමයි.

colombotoday