Colombo Today Local News

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති දේවාල වන්දනාවේදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණදුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී ජනපතිවරයා ගමන් ගත් මෝටර් රථයේ රියදුරු නොමැතිව ඔහුට එක් අවස්ථාවකදී විනාඩි 12ක පමණ කාලයක් බලා සිටීමට සිදුව ඇති බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් ජනපතිවරයාගේ ආරක්ෂාව බිඳ වැටීම වෙනුවෙන් මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

ජනපතිවරයා 20දා අලුයම ආගමික වතාවත් සඳහා තිරුමාලා වෙත ගිය අවස්ථාවේදී මෙම ගැටලු පැන නැග තිබේ.

ආගමික වතාවත් වලින් පසුව නැවතත් සිය මෝටර් රථය වෙත ජනපතිවරයා පැමිණි අවස්ථාවේදී එහි රියදුරු නොසිටීම හේතුවෙන් ජනපතිවරයා හා ඔහුගේ බිරිද ජයන්ති සිරිසේන මහත්මිය විනාඩි 12ක පමණ කාලයක් වාහනය තුළට වී සිට ඇත.

කෙසේ වෙතත් මෝටර් රථයේ රියදුරාද දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්ව තිබෙන බවට තොරතුරු වාර්තා වෙන බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

Related posts

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin

බණ්ඩාරගම අටළුගම මුස්ලිම් ජනතාවා PCR මග හැරීම දැඩි අර්බුදයක්.

colombotoday

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලන්න බුද්ධි මෙහෙයුම් දැඩි කල යුතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි

colombotoday

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

colombotoday

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday