Colombo Today Local News

MCC කමිටු වාර්තාව පිළිබදව අදහස් ලබාදෙන්න අමාත්‍ය මණ්ඩලයට සතියක කාලයක්

එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලලිතසිරි ගුණරුවන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් ඇතුළත සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඊයේ (1)දින දැනුම් දී තිබේ.

අද (2)දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

‍රටේ පවතින නීතියට හෝ ජාතික ආරක්ෂාවට අහිතකර වන කිසිදු ගිවිසුමකට එළඹීමට ලංකා ආණ්ඩුව කටයුතු නොකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

ඔහු පවසන්නේ ඇතැම් පාර්ශව මේ සම්බන්ධයෙන් සාවද්‍ය මත පතුරුවමින් සිටින බවය.

Related posts

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

ජනාධිපති ගෝඨාභය රැගත් ගුවන් යානය සිංගප්පූරුවට

colombotoday

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

colombotoday

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

colombotoday