Uncategorized

IPL තරඟාවලියට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොතේරීම ගැන කණගාටුයි

2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්, ක්‍රීඩක වෙන්දේසියේදී තෝරා නොගැනීම කණගාටුවට කාරණයක් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

ජයවර්ධනගේ අදහස් “ක්‍රික් ඉන්ෆො” වෙබ් අඩවිය පළකර තිබු වර්තාවක උපුටා දක්වා තිබුණි.

මහේල ජයවර්ධන IPL ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ “ප්‍රධාන පුහුණුකරු” ලෙස සේවය කරයි.

IPL තරඟ ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එම තරඟාවලිය සඳහා එක් නොවන්නේ පළමු වරටය.

පසුගිය වසරේදී ඉසුරු උදාන, විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කළේය.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ අවසන් වටයට උදාන, කුසල් පෙරේරා සහ තිසර පෙරේරා සුදුසුකම් ලැබුව ද කිසිදු කණ්ඩායමක් ඔවුන් ව මිලදී ගැනීමට ඉදිරිපත් නොවුණි.

Related posts

“පවුලක දරුවන් තිදෙනෙකුට සීමා කරන්න” – බොපේ සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

මහා මැතිවරණයට රතන හිමිට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ !

colombotoday

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

colombotoday

Isha Dolly

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,635ක්

colombotoday