Colombo Today Local News

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

ඉන්දියන් ඔයිල් සමාගම මගින් තෙල් සංස්ථාවට ලබාදෙන ලද ගුවන්යානා ඉන්ධන තොගයක් පළමු සාම්පල් පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව වාර්තා වේ.

තෙල් සංස්ථාව සිදුකළ ටෙන්ඩර් කැඳවීම අනුව ගුවන්යානා ඉන්ධන මෙක්ට්‍රික් ටොන් 14,000ක් ලබාදීමේ අවස්ථාව ඉන්දියන් ඔයිල් සමාගම හිමිකර ගෙන තිබේ.

මේ අනුව දැනට ලංකාවට ගෙන්වා තිබෙන ඉන්ධන තොගයේ පළමු සාම්පල් පරීක්ෂාවේදී එය ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇත.

මීට අමතරව ඉන්ධන බැරලයක් ලංකාවට ගෙන්වීම සඳහා වැයවන සම්මත මුදල බැරලයකට ඩොලර් 1.74ක් බවත්, එහෙත් මෙම ඉන්ධන තොගය ගෙන්වීමේදී බැරලයකට ඩොලර් 4.75ක් ගෙවා තිබෙන බවත් ඛනිජතෙල් වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Related posts

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

colombotoday

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

Admin

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

Admin

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

Admin

ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදී යෝජනා කෙරුණු ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම ළඟදීම

colombotoday

ඉන්දියන් දියර පොහොර ගෙන්වීම : ලංකාවේ රු. 1302.18 ක් වන නිෂ්පාදනය රු. 5230 ක ට මිලදී ගත්තේ කොමිස් මගඩියකටයි

colombotoday