Colombo Today Local News

ක්‍රිෂාන්තට, අර්ජුන්ට හමුදාවෙන් පඩි ගෙව්වා – හමුදා මාධ්‍ය ප්‍රකාශක හෙලි කරයි (Video)

ගායන ශිල්පී ක‍්‍රිෂාන්ත එරන්දක සහ රංගන ශිල්පී අර්ජුන කමලනාත් යන දෙදෙනා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සැරයන්වරුන් ලෙස 2009 වසරේ සිට බඳවාගෙන වැටුප් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

රණවිරුවන් දිරිගැන්වීම් සහ විනෝදාස්වාදය සඳහා වන ව්‍යාපෘති සැලසුම්කිරීම සඳහා ඔවුන්ව මෙසේ බඳවාගෙන ඇති අතර 2015 ජනවාරි 1 වැනිදා සිට ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට එවැනි බඳවාගැනීම් කළ හැකි බව කී බි‍්‍රගේඩියර්වරයා යම් අවස්ථාවක ඔවුන්ගේ සේවය අනවශ්‍ය නම් ඉවත් කළ හැකි බව ද ප‍්‍රකාශ කළේය.

“රණවිරුවන් දිරිගැන්වීම සහ විනෝදාශ්වාදය සඳහා ව්‍යපෘති කරන්න තමයි ඔවුන් අරන් තියෙන්නේ, දැන් එහෙම අය නැහැ”

“සැරයන් නිලයේ කළාකරුවන් දෙදෙනෙකු 2009 සිට 2015 දක්වා කටයුතු කළා”

බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේ පසුගිය රජය සමයේ කලාකරුවන්ට හමුදාවෙන් වැටුප් දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සත්‍ය ඒවාද යනුවෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/AzzamAmeenSL/videos/1743971179242867/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය 2017 වසරේ.. සංගණන වාර්තාව ඉවත්කරගනී…

colombotoday

ජාත්‍යන්තර බලවේගවල මැදිහත්වීම ඉල්ලා සුමන්තිරන්ගෙන් යුරෝපා සංගමයට ලිපියක්…

colombotoday

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday

ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට !

colombotoday