Colombo Today Local NewsTop Stories

මෙරටට ලුණු ගෙන්වන්න ආනයනකරුවන් 117ක්

මෙරට දැනට පවතින ලුණු හිඟය හේතුවෙන් ආනයනකරුවන් 117 දෙනෙක් ලුණු ආනයනයට අයදුම් කර ඇති අතර, ඔවුන් විසින් මෙරටට මෙට්‍රික් ටොන් 150,000 ක් පමණ ලුණු ආනයනය කිරීමට නියමිතය.

මෙරට දෛනික ලුණු අවශ්‍යතාවය කර්මාන්ත අංශයද ඇතුළුව මෙට්‍රික් ටොන් 500 ක් වන අතර, මාසික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000 ක් පමණ වේ.

ලුණු තොග ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශය සූදානම්ව සිටින අතර, එම තොග සෞඛ්‍ය පරීක්ෂණ යටතේ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙමින් සිටී.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද අයඩීනකරණය කරන ලද ලුණු තොග එරටින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තා මත පදනම්ව කඩිනමින් මුදා හැරීම සිදු වේ. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් සඳහන් කළේ මුලින්ම නිදහස් කරනු ලබන්නේ අයඩීනකරණය කරන ලද ලුණු බවය.

කැබිනට් මණ්ඩලය විසින් අයඩීනකරණය කරන ලද සහ නොකරන ලද දෙවර්ගයේම ලුණු සඳහා ආනයන අනුමැතිය ලබාදී ඇති අතර, සෞඛ්‍ය අංශය පවසා සිටිනුයේ අයඩීනකරණය නොකරන ලද ලුණු සඳහා මෙතෙක් අවසර ලබාදී නොමැති බවයි. එම තොග මෙරටට ආනයනය කර එමඟින් අයඩීනකරණය කිරීමේ හැකියාව පරීක්ෂා කිරීමටද කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ වසරේ ලුණු අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයකට ඉහළ යනු ඇති බවට ලංකා ලුණු සමාගම පුරෝකථනය කළද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැබෑවටම ලැබිය හැකි වූ අස්වැන්න මෙට්‍රික් ටොන් 60,000 ක් බවට පත් වී ඇත.

ඒ හේතුවෙන් ලුණු හිඟය පිරවීම සඳහා ලබන ජූනි 10 වැනිදා දක්වා කාලසීමාවක් තුළ ආනයනකරුවන්ට ලුණු ආනයනය කිරීමේ අවසරය හිමිව ඇත.

දැනට ජාතික ලුණු සමාගම විසින් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ලංකා ලුණු සමාගම විසින් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, මෙය ඉදිරියේදී වෙළඳපොළේ ලුණු හිඟය පියවීමට කිරීමට විශාල වශයෙන් දායක වනු ඇතතැයි පැවසේ.

සටහන – මේනකා

Related posts

කොස්ලන්දේ අක්කර 8 ක ගංජා තවාන් මාට්ටු

colombotoday

එජාපයේ සියළු දෙනා එක්වී විශ්වාසභංගය ගැන තීරණයක් ගනී… අගමැති මාස දෙකක් කල් ඉල්ලයි…

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ට, මහබැංකු වංචා කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා | ජනපති ජාතිය අමතමින් කියයි.

colombotoday

පොලී අනුපාත ඉහළට.. කොළඹ කොටස් හොම්බෙන් යයි.. බඩු මිළ තවත් ඉහළට !

colombotoday

දේශබන්දුට එරෙහිව සාක්ෂි දුන් මාතර DIGට මරණ තර්ජන!

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday