Colombo Today Local NewsTop Stories

ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!

ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව විසින් “මුල්ලි වයිකාල් සැමරුම” නමින් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට සිංහල ජාතික සංවිධාන වෙත වාර්තා වී තිබුණා.

මීගමුව පොලිස් වසමේ අංක 10, ශාන්ත ජෝෂප් මාවත, මීගමුව ලිපිනයේ පිහිටි ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය යන ස්ථානයේ දීයි මෙම වැඩසටහන පැවැත්වුණේ.

මෙම වැඩසටහනට විරෝධතාව පළ කරමින් සිංහල රාවය සංවිධානය ඇතුළු සිවිල් ක්‍රියාකාරී සංවිධාන කිහිපයක් විසින් එම ස්ථානයේ අද දිනයේ විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබුණු අතර, එම විරෝධතාවයට වාරණයක් පනවමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

එම වාරණ නියෝගය නිකුත් කෙරුණේ ඔවුන් විරෝධතාවයේ නිරත වන අතරවාරයේදී.

එම අවස්ථාවේ ඉතා උණුසුම් තත්වයක් පැනනැගුණු අතර සිංහල රාවය ඇතුළු සිවිල් ක්‍රියාකාරී සංවිධාන විසින් දැක්වූ විරෝධය සහ පොලිස් නිලධාරීන් ඊට දැක්වූ පහත් ප්‍රතිචාරයන්ද අප කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්.

රජයේ ඊනියා රණවිරු සැමරුම පිළිබඳ ප්‍රශ්නගත කරුණු රාශියක් පැන නැගී ඇති සහ වගකිවයුත්තන් ඒ සම්බන්ධයෙන් මුනිවත රකින මොහොතක මෙවැනි ඊනියා කොටි සැමරුමකට ඉඩ ලබාදීමේ සහ එම සැමරුමට විරෝධය පළ කරමින් සිංහල ජාතික සංවිධාන විසින් සිදුකිරීමට නියමිතව තිබූ විරෝධයට බාධා කිරීමේ පදනම කුමක්ද යන කාරණය මෙහිදී පැන නැගෙනවා.

එසේම, සැමරුමට බාධාවක් නැති බව සහ එය ඔවුන්ගේ අයිතියක් බවට පිළිගන්නා නීතිය, ඊට එරෙහිවීමට තවත් ජන කොට්ඨාශයකට ඇති අයිතිය වාරණය කිරීමේ පදනම කුමක්ද යන කාරණයද මෙහිදී ප්‍රශ්නයට නැගිය යුතුව තිබෙනවා.

උක්ත විරෝධයට වාරණය පනවමින් අධිකරණ විසින් නිකුත් කොට ඇති වාරන නියෝගය සඳහන් ලිපිය පහතින්.

Related posts

වීසා ක්‍රමවේදයේ වෙනසක්

Admin

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනෙන් හමු වූ කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Admin

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin