Colombo Today Local NewsTop Stories

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාව හා තරුණ සංසදය විසින් සංවිධානය කරන ලද සංගීත වැඩසටහනක් කොළඹ ජාතික රෝහලේ තෙවන වෛද්‍ය වාට්ටු සංකීර්ණයේදී සහ IDH රෝහලේ දී ඊයේ (16) පැවැත්වුණා.

කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් ඇතුලත් කරන්නේ මෙම වාට්ටුවට වන අතර එහි සේවයේ නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් එම වැඩසටහන සංවිධානය කර තිබුණි.

සංගීත කණ්ඩායම මෙහෙයවන්නේ ද හෙද නිලධාරීන් විසින් වන අතර එම කණ්ඩායම ජාතික රෝහල ඇතුළු සෙසු රෝහල්වල සේවයේ නිරත හෙද නිලධාරීන්ගෙන් සමන්විතයි.

IDH රෝහල් පරිශ්‍රයේ පැවති වැඩසටහනට එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතාද එක්ව සිටියා

Related posts

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

colombotoday

ලන්ඩන් කොටි නිදහස් උත්සවයට කඩා පනිති.. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා යකා නටති..

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

colombotoday

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

colombotoday

ඩයස්පොරාවේ ඉල්ලීම් 10ක් ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ.. ‘ටැමිල් නෙට්‘ හෙළිකරන සිංගප්පූරු සම්මුතිය මෙන්න

colombotoday