Colombo Today Local News

චීනයට දුන් හම්බන්තොට වරායේ ඉතිරි මුදල ගෙවීම චීන සමාගම ප්‍රතික්ශේප කරයි..

හම්බන්තොට වරාය බදු ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට තවදුරටත් ලැබිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 585 ක මුදලක් ලබා නොදී එය  චීන මර්චන්ට්‌ සමාගමට අයත් බැංකු ගිණුමක රඳවා තබා ඇති බව වාර්තා වනවා.  දෙරට අතර ඇති බදු ගිවිසුම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවක්‌ මත අදාල මුදල් ශ්‍රී ලංකාවට ලබා නොදී රඳවා තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට වරාය බදු  ගිවිසුමට අනුව චීන මර්චන්ට්‌ සමාගම පවසා ඇත්තේ  හම්බන්තොට වරාය ආසන්නයේ විනෝදාස්‌වාද කලාපයක්‌ ඉදිකිරීමට එකඟතාවක්‌ ඇති කරගෙන ඇති බවයි. ඒ අනුව හම්බන්තොට වරායට ආසන්නව ගොඩකර ඉදිකරන ලද භූමියේ මෙම විනෝදාස්‌වාද කලාපය ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන ප්‍රශ්නය සමථයකට පත් වන තෙක්‌ අදාළ ගෙවීම එම සමාගම විසින් අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්  වරාය සභාපති පරාක්‍රම දිසානායක පවසන්නේ   හම්බන්තොට වරාය කලාපය ශ්‍රී ලංකා වරාය අධිකාරි පනත යටතට ගැසට්‌ කර ඇති නිසා එම භූමිය යොදා ගත හැක්‌කේ නාවික හෝ වරාය ආශ්‍රීත ක්‍රියාකාරකම් සඳහා පමණක්‌ වන බවයි. මේ හේතුවෙන්  එම භූමියේ විනෝදාස්‌වාද හෝ සංචාරක කටයුතු සඳහා යොදාගත නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

එසේම  වරාය සභාපතිවරයා වැඩිදුරටත්  පෙන්වා දෙන්නේ හම්බන්තොට වරායට අයත් සම්පූර්ණ කලාපයම ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත යටතේ ගැසට්‌ කර ඇති නිසා එම කලාපය තුළ කැසිනෝ ශාලා හෝ සංචාරක ආශ්‍රීත ක්‍රියාකාරකම් සඳහා කිසිදු පාර්ශ්වයකට අවසර ලබා දිය නොහැකි බවයි.

Related posts

රටටම නොමිළේ Wi-Fi දෙන ව්‍යාපෘතියත් අසාර්ථකයි… ඇමති හරීන් පිළිගනී

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday

ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵලයි. – හිටපු ජනාධිපති

colombotoday

රෝයල් පා‍ර්ක් නඩුවේ ජනාධිපති සමාවට මැදිහත් වූ නීතීඥවරිය මාලිමා වේදිකාවේ

Admin

“තරුණයන්ට කැමති අලුත් ලෝකයක් හදනවා.. සාක්කු සල්ලිවලින් පුරවනවා” – අගමැති

colombotoday