Colombo Today Local News

තොපි හිතුවද එල්.ටී.ටී.ඊ.ය නැහැ කියලා.. ඕවා නවත්ත ගන්න කියල අරූට කියපන් | සිංහ කොඩිය එස වූ අරුල්ට කොටි තර්ජන

ජාතික කොඩිය ඔසවා යාපනයේ ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කළ තමාට හා පවුලේ අයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු නිවෙසටම පැමිණ තර්ජනය කළ බවට යාපනය සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අරුලානන්දම් අරුල් සිද්ධාර්ථන් ඊයේ (16)දින චුන්නාකම් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ. උඹලා මේ දෙමළ ඊළමේ සිංහලයාගේ කොඩිය ඔසවනවාද, තොපි හිතුවද එල්.ටී.ටී.ඊ.ය නැහැ කියලා. ඕවා නවත්ත ගන්න කියල අරූට කියපන් යැයි තර්ජනය කර තිබෙන බවද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

චුන්නාකම් ප්‍රදේශයේ තම නිවෙසට අවස්ථා දෙකකදී පැමිණ මොහු තමා සොයා ඇති බවත් තමා නිවෙසේ නොසිටි හෙයින් තම බිරියගේ 56 හැවිරිදි මව වෙත මෙම තර්ජනය සිදුකර ගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන් ය.

මෙම පුද්ගලයා හිටපු කොටි බුද්ධි නායකයෙකු බවට තොරතුරු තිබෙන බව ද අරුලානන්දම් අරුල් අප කළ විමසුමකදී කියා සිටියේය.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් 25 රහස් පොලිසියට කැදවයි…

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

පාගමන් ගිය මන්ත්‍රීලාට මොකද වෙන්නේ, ඉදිරියේදී බලා ගන්න පුළුවන් – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

colombotoday

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin