Colombo Today Local News

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

කුඩා ළමුන්ට සිදුවන අපචාර පිළිබද තොරතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.

විශේෂයෙන් වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන්ට සිදුවන අපචාරයන් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලීසිය පෙන්වාදෙයි.

මේ පිළිබඳව සියලු දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මෙරට නීතිය අනුව වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙකුගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ක්‍රියාවක් සිදුකිරීම වරදක් බවට ප්‍රකාශයට පත්ව තිබෙනවා. මෙවැනි වැරදි වැඩිපුර වාර්තා වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කුඩා ගැහැණු ළමයින්ට එරෙහිව අපරාධ වාර්තා වෙනවා. ඒ නිසා දෙමව්පියෝ විශේෂයෙන්ම මව මේ පිළිබඳ වැඩි සැලකිල්ලකින් සිටිය යුතුයි. දියණිය නිවසින් පිටතට යෑම, පාසල් යෑම, අමතර පන්ති සඳහා යෑම හා වෙනත් භාහිර ක්‍රියාකාරකම් සඳහා යෑම ආදි සියලු අවස්ථාවක දී නිරන්තරයෙන් පසුවෙන්න.“

Related posts

2020 ගෝඨාභය පරද්දන හැටි කතා කරන්න මෛත්‍රී – රාජිත රහස් සාකච්ඡාවක් !

colombotoday

අයි.එම්.එෆ් ගැන කරන්න තාක්ෂණික කමිටුවක්

colombotoday

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

colombotoday

උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday