Colombo Today Local News

ගුටිකෙළි මැද GMOA වෛද්‍ය සභාවේ බලය අල්ලයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් සිව් දෙනෙකු තෝරාගැනීම සදහා ඊයේ 24 පැවැත්වූ නිළවරණයෙන් ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය‘ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටි සාමාජිකයන් සිව් දෙනා වැඩි ඡන්දයෙන් තේරීපත්විය.

ඒ අනුව වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඡන්ද 6254ක් ලබාගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තේරී පත්ව තිබේ.

ඊට අමතරව වෛද්‍ය නලින්ද හේරත් මහතා ඡන්ද 5676ක් ද වෛද්‍ය හැරීස් පතිරගේ මහතා ඡන්ද 5250ක් ද ලබාගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තේරී පත්ව ඇති බව සඳහන්ය.

වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ඡන්ද 5117ක් ලබාගෙන වෛද්‍ය සභාවට තේරී පත්ව ඇත.

මේ අතර නිලවරණය පැවැත්වෙන අතරතුර වෛද්‍ය සභා පරිශ්‍රය අසලදී වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවුණු අතර, එම දෙදෙනා මේවන විට රෝහල්ගත කර ඇතැයි පැවසේ.

Related posts

09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් හදිසියේ පාර්ලිමේන්තුවට

Admin

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

Admin

ධීවර ප්‍රජාව වෙනුවෙන් පත්කල රනිල්ගේ කමිටුවකට සජබ මන්ත්‍රීවරුන් තිදෙනෙක්

colombotoday

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

Admin