Uncategorized

හිටපු ඇමති රොෂාන්ට වාරණයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු එම ආයතනයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (20) හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත දින 14 කාලයක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ එහි ලේකම්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ ඉකුත් 05 වනදා කඩුවෙල දිසා අධිකරණය අසල මාධ්‍ය වලට ප්‍රකාශයක් සිදු කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා වන බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර තිබූ බවයි.

මේ තුළින් තමන්ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් දැඩි අපහසයක් සිදුවී ඇති අතර, ඒ තුළින් මහජනතාව නොමග යැවීමක් සිදුව ඇති බවත් පැමිණිලිකරුවන් චෝදනා කර තිබේ.

තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් වග උත්තරකරුවන්ගෙන් අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.

Related posts

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

ජනමාධ්‍යවල සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයයි. ඇතැම් හැසිරීම් නින්දිතයි. – චම්පික

colombotoday

ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක් මෙවර ඉලක්කය වෝකි ටෝකි

Admin

සජිත් දිනවන්න TNA උතුරේ ප්‍රචාරකට කටයුතු අරඹයි !

colombotoday

“පර බල්ලා, මෝඩයා” මංගල සමරවීර ජනපතිට බැන වදී – Video

colombotoday

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව එලවා දමයි

colombotoday