Colombo Today Local NewsTop Stories

පාස්කු ඉරිදා ටාජ් බෝම්බකරුගේ හැඳුනුම්පත් අංකය අතුරුදහන්?

ලාංකීය ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ ඛේදජනක පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර හයක් සපිරෙමින් තිබේ. එළඹෙන 21 වනදාට ප්‍රථම පාස්කු ප්‍රහාරකයින් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකරන බවට ජනපතිවරයා අවධාරණය කොට තිබෙන මොහොතක අද දින (16) සමාජය හා සාමයික් කේන්ද්‍රයට එක් රැස් වූ මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයින් සහ කතෝලික ප්‍රජාව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.

ගවේෂණශීලී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් එහිදී සිදු කරන ලද කරුණු පැහැදිළිකිරීම අතිශයින් ආන්දෝලනාත්මක එකක් විය. එයට හේතු වූයේ මෙතෙක් කෙරීගෙන ආ පාස්කු ප්‍රහාර විමර්ශණයේ දුර්වල තැන් සහ අවධානයට ලක් නොවූ තැන් රැසක් ඔහු විසින් සමාජය හමුවේ නිරාවරණය කොට දැක්වීම හේතුවෙනි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බව පැවසෙන “අබුහින්ද්” නැමැත්තා ගැන ඔහු කරුණු කියා සිටි අතර ප්‍රශ්නගත “සාරා ජැස්මින්” නොහොත් පුලස්තී මහේන්ද්‍රන්ගේ මරණය පිළිබඳවද ඔහු සැංකා රැසක් පළ කොට සිටියේය.

එසේම ටාජ් සමුද්‍රා හෝටලයේදී පුපුරුවා නොගෙන දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බය පුපුරුවා ගත් “ජමීල්” නැමැත්තා ගැන ඔහු අනාවරණය කළ කරුණු අතිශයින් ආන්දෝලනාත්මක වන්නේ එකී හෙළිදරව්ව හමුවේ නිරුවත් වන මෙරට ආරක්ෂක අංශ සහ රහස් ඔත්තු සේවාවන්හි දුර්වලතාවය නිසාමය.

එසේම, ප්‍රහාරයට පෙර දින ටාජ් සමුද්‍රා හෝටලයේ ලැගුම් ගත් ජමීල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය එකී හෝටලයේ පද්ධතියෙන් අතුරුදන්වීමක් පිළිබඳ ඔහු අනාවරණය කොට සිටී.

මෙම ආන්දෝලනාත්මක අනාවරණයේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

සටහන – මන්දාකිණි

Related posts

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

colombotoday

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකුට ඩෙංගු

colombotoday

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday