Colombo Today Local News

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

දෙවැනි ලෝක යුද්ධයේ දී ත්‍රිකුණාමලය වරායේ ගිලී ගිය බ්‍රිතාන්‍ය නෞකාවක් වසර 75ට පසු යළි ගොඩගත් බව නාවික හමුදාව පවසයි.

2017 සැප්තැම්බර් 11 වැනි දා ගොඩගැනීම් ආරම්භ කළ මේ නෞකාවේ අවසන් කොටස් සෙනසුරාදා සවස ගොඩගෙන අවසන් කර තිබේ.

මේ නැව ගොඩගෙන ඇත්තේ ත්‍රිකුණාමලය වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මේ නෞකාව ඉවත්කිරීමේ අවශ්‍යතාවක් පැන නැගීම නිසාය.

”සගයින්” නමින් හැඳින්වෙන මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් 24 වැනි දා මුල්වරට දියත් කර තිබේ.

මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැණුනු මේ නෞකාව ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබිය දී ජපාන ගුවන් යානා මගින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇත.

එම ප්‍රහාරයෙන් පසු නැව භාවිතයෙන් අතහැර දමා ඇති අතර 1943 අගෝස්තු 24 වැනි දා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාව විසින් අමතර ජැටියක් ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා නෞකාව ගිල්වා දමා ඇත.

අඩි 35ක් ගැඹුරු මුහුදු පත්ලේ ගිල්වා තිබූ නෞකාව ගොඩට ගෙන ඉවත්කිරීමේ මෙහෙයුම නාවික හමුදාව විසින් 2017 සැප්තැම්බර් 11 වැනි දා ආරම්භ කරන ලදී.

ඒ අනුව නෞකාව ගොඩගැනීමේ දී එහි පළුදු වී තිබූ ස්ථාන කිහිපයක් පිළිසකර කර එහි සැකිල්ල ශක්තිමත්කළේය. තව ද නැවේ පිරී පවතින මුහුදු ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීම සඳහා තාවකාලික ජැටියක්ද නාවික හමුදාව විසින් ඉදිකරන ලදී.

Related posts

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

colombotoday

බදියුදීන් හා කාදර් මස්තාන් ගැටෙයි 05ක් රෝහලේ

colombotoday

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday