Colombo Today Local News

දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්නැයි හිටපු අගවිනිසුරුට හිටපු ඇමැතිවරු දෙදෙනෙක් තර්ජන කරලා…

දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.

පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් තිදෙනකු වෙත මෙසේ අගවිනිසුරුවරයා හමුවී අවසන් තීන්දුව ඒකමතිකව ලබාගැනීම සඳහා බල කරන ලෙස පවසා තිබේ.

ඒ සඳහා එක් විනිසුරුවරයෙකු එකඟ නොවීම නිසා, අමාත්‍යවරු දෙදෙනකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බව පැවසේ.

දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කරන ලද්දේ 2018 වසරේ ඔක්තෝබර් 11 වෙනිදාය.

පසුදා (ඔක්තෝබර් 12) අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ‍්‍රාම ලබා ගත්තේය. කෙසේ වෙතත් සිය තීන්දුවෙන් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

යහපාලන රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත එවකට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස එම ආණ්ඩුවේ කණ්ඩායමක් තර්ජනය කර තිබුණි.

– divaina

Related posts

ලබන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නැහැ

Admin

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

colombotoday

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

colombotoday

19 වැනිදා සිට කතරගම සියලු පාසල් වැසේ…

Admin