Colombo Today Local News

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය ඉහළට

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 50ක් COVID19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඊට අදාළ චෙක්පත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසින් අද (15) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදී.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය අරමුදලට රුපියල් මිලියන 50 ක් ප්‍රදානය කර ඇත. ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීහු ඊට එක්ව සිටියහ.

Naturub Industries පෞද්ගලික ආයතනය රුපියල් මිලියන 10ක්, මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 03 ක් සහ ටිසිල් කුරේ මහතා රුපියල් ලක්ෂයක්, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමය රුපියල් මිලියනයක්, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ රුපියල් මිලියනයක්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය රුපියල් මිලියන 02ක්, Bharti Airtel Lanka පෞද්ගලික සමාගම රුපියල් මිලියන 1.2ක් , Certis Lanka Security Solution පෞද්ගලික සමාගම රුපියල් මිලියනයක්, රිචඩ් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියනයක්, එස්.ඒ. සමරතුංග මහතා රුපියල් පනස්දහසක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව අද පස්වරු වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවා ඇත.

Related posts

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

colombotoday

අදත් ප්‍රදේශ රැසකට වැසි

Admin

ඥානසාර හිමිට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචනයක්

colombotoday

ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම එනවා -සජිත් තිරප්පනේදී කියයි

colombotoday

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

colombotoday

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday