Colombo Today Local NewsTop Stories

දිවයිනට ගෙනා ලොකු පැටීගේ පැටිකිරියම එළියට

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හදුනාගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව ඩුබායි රාජ්‍යයේ සිට පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් අද (04) උදෑසන 7.43ට පමණ මෙරටට රැගෙන ආ බව වාර්තා වෙයි.

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම, හෙරොයින් ළඟ තබා ගැනීම මෙන්ම විදෙස් ගතව සිටිමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවීම සහ ඊට අමතරව මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු කිහිපයක් ද පවතින බව වාර්තා වේ.

එම නඩු පහත පරිදිය.

2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

එමෙන්ම 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මිට අමතරව ඔහු විදෙස්ගතව සිටිමින් මෙහෙයවා තිබු අපරාධ සම්බන්ධ නඩු කිහිපයක්ද වෙයි.

2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.

2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.

2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී ඔහුගේ කොන්ත්‍රාත්තුවක් මත මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

2024 ජූලි 08 වන දින අතුරුගිරියේදී ‘ක්ලබ් වසන්ත’ වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු ‘ලොකු පැටී’ වන බවත්, ඔහු විසින් ඝාතනය සැලසුම් කර අරමුදල් සපයා ඇති බවටත් සැකකෙරේ.

සටහන-සත්සරණී

Related posts

ඉන්දියාවෙන් පරණ යකඩ ගෙන්වීමට බදු සහන… ලංකාවේ යකඩ කර්මාන්තය සුන්… ලක්ෂ 3ක් අනාථයි

colombotoday

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday

පල්ලිවාසල්තුරේ වෙරළේ සගවා තිබු ලක්ෂ 75ක කහ තොගය

colombotoday

විශ්වවිද්‍යාල වෙත සිසුන් කැඳවීමට අවසර

colombotoday

මඩකලපුවේ මංගලාරාම නාහිමියෝ, පන්සලට පිටුපෑ ජනපතිගේ නමට කුළුගෙඩියෙන් තලයි

colombotoday

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday