Colombo Today Local News

පල්ලිවාසල්තුරේ වෙරළේ සගවා තිබු ලක්ෂ 75ක කහ තොගය

කල්පිටිය පල්ලිවාසල්තුරේ අම්මාතෝට්ටම් ප්‍රදේශයේ දී සගවා තිබු රුපියල් ලක්ෂ 75 කට වැඩි වටිනාකමින් යුත් කහ කිලෝ 1500 කට ආසන්න ප්‍රමාණයක් පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය විසින් ගුවන් හමුදා බුද්ධි තොරතුරකට අද(7)දින අලුයම සිය බාරයට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට රැගෙන විත් ප්‍රවාහනයට පල්ලිවාසල් වෙරළ තීරයට ආසන්න ස්ථානයක සඟවා, උර 50 ක අසුරා තිබු කහ කිලෝ 1500 කට අධික ප්‍රමාණයක් එම නිලධාරීන් සොයාගෙන ඇත.

අදාල කහ තොගය සමග එහි ප්‍රධාන සැකකරු බව පැවසෙන මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි අයකු ද කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම කහ තොගය නීරෝධායන නීති රිති උල්ලංඝණය කරමින් මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව මුලික විමර්ශන වලදී හෙළිව ඇතැයි පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය කියයි.

අදාල කහ තොගය හා සැකකරු කල්පිටිය පොලිසියට භාරදීමට නියමිතය.

Related posts

උපාධිධාරීන් 5000ක් රාජ්‍ය සේවයට බදවා ගැනී… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

colombotoday

හැම කැබිනට් පත්‍රිකාවක්ම අකුරක් නෑර කියවන ජනාධිපති කෙනෙක් දැක්කමයි – අගමැති අයියාගෙන් ජනපති මල්ලීට ඇගයීමක්

colombotoday

ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත දිවයිනට

colombotoday