Colombo Today Local News

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පළමුවරට කාන්තා නිලධාරිනියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළමු නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිට යටතේ එම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරයි.

2007 වසරේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට බැඳී ඇති ඇය වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරිනියකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂධුරයට පත් ඇය දෙස් විදෙස් පාඨමාල රැසක් හදාරා තිබේ.

ඉමේෂා මුතුමාල මහත්මිය නුගේගොඩ කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ ද රාජකාරී සිදුකර තිබේ.

Related posts

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

නීරෝධායන නීති කැඩූ පුද්ගලයින් 39ක් අත්අඩංගුවට

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණය හමුවට

colombotoday

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

colombotoday