Colombo Today Local NewsHot News

සුදු නෙළුම අරන් තවලමේ ගිය ප්‍රබල ඇමති, චාවාකච්චේරි කොටියා එළියට දාන්න බරටම වැඩ

Manna pongala Ltte01

යාපනය චාවකච්චේරියේ අසුවූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඇතුළු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එඩවඩ් ජූලියන් නමැති ත්‍රස්තවාදීයා නිදහස් කිරීම සදහා රජයේ ප්‍රබල ඇමතිවරයෙකු දැඩිලෙස බලපෑම් කර ඇතැයි පොලීසියේ අභ්‍යන්තර තොරතුරු මාර්ග වලින් අනාවරණය වනවා.

කොටි හිතවාදී විදේශගත දෙමළ ඩයස්පොරාව ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව දැනට බන්ධනාගාර ගතකර සිටින “මොරිල්” නැමති ප්‍රබල කොටි ක්‍රියාකාරිකයා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ත්‍රස්තවාදියා මෙහෙයවා ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත. මෙම ත්‍රස්තවාදීයාට එරෙහිව රැදවුම් නියෝග ලබාගැනීමට පොලීසිය උත්සහා ගනිද්දී අදාල ප්‍රබල ඇමතිවරයා විසීන් ඊට එරෙහිව බලපෑම් කර ඇත.

දකුණු පළාතෙන් පාර්ලිමේන්තුවට පත්වූ මොහු මේ වන විට රජයේ ප්‍රබල ඇමති ධූරයක් දරන්නෙකු වන අතර ඊළාම් ඩයස්පොරාවේ ප්‍රධානීන් සමග පෞද්ගලික මට්ටමෙන්ම සමීප සබදතා පවත්වන්නෙකි. අදාළ ඇමතිවරයා පසුගිය සමයේ කිහිප අවස්ථාවකදීම ලන්ඩන් නුවරදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ඩයස්පොරා ප්‍රධානීන් ඔවුන්ගේ නිවෙස්වලදීම හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර ඩයස්පොරා සංවිධාන හා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රියාකාරීන්ට එරෙහිව පනවා තිබූ තහනම් ඉවත් කිරීමටද මැදිහත් විය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සාමය මුවාවෙන් රට ෆෙඩරල් කිරීම සදහා ක්‍රියාත්මක වූ සුදු නෙළුම් හා තවලම ව්‍යාපෘති ‍සදහා පුරෝගාමී කාර්යයක් ඉටුකළේද මෙම ඇමතිවරයාය.

මෙලෙස බාහිරින් ලැබෙමින් තිබෙන සහයෝගය හේතුවෙන් අත්අඩංගුවේ පසුවන එඩ්වඩ් ජූලියන් ත්‍රස්තයා කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස යළිත් මේ රට ලේ විලක් කරන්නට කල්යල් බලන කොටි නඩය සමග රජයේ ඇමතියන් ‘සමරිසි’ සුවය විදින පසුබිමක ජාතික ආරක්ෂාව කෙස්ගහට තහවුරු කර ඇතැයි යහපාලන මහ පුටුවල ඇත්තන් වහසිබස් දෙඩුවාට පළක් වෙයිද?

 

Related posts

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි

colombotoday

GSP+ සහනය දෙනවනම් ලොකු දෙයක්.. ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

colombotoday

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

colombotoday

හපුතලේ ප්‍රාදේශීය සභා සභාපතිගෙන් පහර කෑ අයෙක් රෝහල් ගත කරයි

colombotoday