Colombo Today Local NewsHot News

අස්ගිරි නාහිමිගේ ප්‍රකාශයක් වාර්තා කළ මාධ්‍යවේදිනියට මුජිබර් රහුමාන්ගෙන් තර්ජණ !

අස්ගිරි මහා විහාරය තමා සම්බන්ධයෙක් කල ප්‍රකාශයක් වාර්තාකළේ යැයි පවසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ‘සිලෝන් ටුඩේ‘ පුවත්පතේ මාධ්‍ය වේදිනියකට තර්ජණය කර තිබෙනවා.

‘සුද්දෝධන රජුගේ පුතා විමල් වීරවංශ වගේ‘ යැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා බුද්ධාගමට අපහාස වන පරිදි මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය හෙළා දකිමින් අස්ගිරි මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් කළ ප්‍රකාශයක් වාර්තා කළේ යැයි, මන්ත්‍රීවරයා විසින් මාධ්‍යවේදිනියට දුරකථනයෙන් බැණවැදී තර්ජනය කර ඇත.

එම සිදුවීමෙන් පසු බෞද්ධයන්ට අදාල ප්‍රවෘත්ති වාර්තා නොකරන ලෙස පාලනාධිකාරිය විසින් අදාළ මාධ්‍යවේදිනියට දන්වා තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් ‘සිලෝන් ටුඩේ‘ හි සේවකය කරන අතලොස්සක් වූ සිංහල මාධ්‍යවේදීන් දැඩි ලෙස කණස්සල්ලෙන් පසුවන බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (29) බොදු බල සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ද අනාවරණය කර සිටි අතර, එම ප්‍රකාශය හා පුවත්පතේ පළවූ වාර්තාව පහතින් දැක්වේ.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1484070581631215/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉතාම ආදරයෙන් මිනිස්සු අපිව පිලිගන්නවා. අපිව දැක්කහම ලගට දූ…වගෙන එනවා

colombotoday

අධිකරණ නියෝග කඩකරමින් දෙමල සන්ධානය පාගමනක.|ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස වන සේ හැසිරෙයි.

colombotoday

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

colombotoday

රංජන් ජයලාල්ට බෝනස් නැතිවෙන ලකුණු

Admin

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද විවෘත කරයි

colombotoday