Colombo Today Local News

මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි

13323822_976279465825097_2747586909163027451_o (1)

මහනුවර ඇහැළේපොල කුමාරිහාමි මාවතේ (මුස්ලිම් පල්ලිය පාර) සිටි ප්ලාසා ගොඩනැගිල්ලේ අනවසරයෙන් ඉදිකරමින් පැවති මුස්ලිම් පල්ලියේ කුළුණ ඉදිකිරීම නවත්වන ලෙස මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා විසින් පල්ලියේ භාරකරුවන් වෙත ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගයේ ගෞරවය ආරක්ෂා කිරීම සදහා ඊට ඉහළින් පිහිටන සේ ඉදිකිරීම් නොකිරීමට මහනුවර නගර සභාව විසින් අනුගමනය කළ නීතිමය සම්ප්‍රධාය බිද දමමින් අනවසරයෙන් මෙම පල්ලියේ කුළුණ ඉදිකර ඇත. ශ්‍රී දළදා මාලිගාවට වඩා උසින් පිහිටන පරිදි රන් ආලේපිත මුදුන් හිස එහි සවීකිරීමට ඊයේ රාත්‍රියේ සූදානම්ව සිටි අතර රවූෆ් හකීම් ඇමතිවරා විසින් අද දිනයේ එය විවෘත කිරීමට නියමිතව තිබුණා. මතුවූ විරෝධය හේතුවෙන් එය තාවකාලිකව අකුලා ගැනීමට පල්ලිය විසින් කටයුතු කර තිබෙනවා.

මෙලෙස බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේගේ ගෞරවයට හානි කරමින් සිදු කරන්නට ගිය අන්තවාදී ක්‍රියාවට එරෙහිව භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ ‘සිංහලේ ජාතික බලමුළුව’ අද එම පල්ලිය අසලදී විරෝධතාවක නියැළුණු අතර ඔවුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස නාගරික කොමසාරිස්වරයා විසින් තහනම් නියෝගය පණවා තිබෙනවා.

අදාල පල්ලිය ඉදිකර තිබෙන්නේද මල්වතු මහා විහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකයි.

letter 01

Kandy_protest-2

Related posts

ජනතාව දුන් ආධාර, නිලධාරීන්ටත් තග දමා බලෙන් අරන් ගිහින්… තමන්ගේ වගේ බෙදපු මන්ත්‍රී මෙන්න

colombotoday

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

ගාල්ලේ ශ්‍රීලනිප 10න් 3ක් කිරුළපනට

colombotoday

Lifebuoy සබන් වර්ගයක් නොවෙයි. | හමේ රෝග, දෘශ්‍යාබාධ ඇති කරන ද්‍රව්‍ය අඩංගුයි | මාධ්‍ය නොකියන තිත්ත ඇත්ත මෙන්න.

colombotoday

තෙල් වංචාව ගැන මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

colombotoday