Colombo Today Local News

“අමාත්‍යාංශය භාර අරන් මාස හතයි.. කිසිම වගකීමක් පවරලා නෑ” – රාජ්‍ය ඇමතිවරුන්ගේ ඉරණම රංගේ බන්ඩාර හෙළි කරයි

සිය කැබිනට් ඇමතිවරයා අමාත්‍යාංශයේ කිසිදු වගකීමක් තමන් වෙත පවරා නොමැති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

‘මම මේ අමාත්‍යංශය භාර අරගෙන මාස හතක් වෙනවා. ගරු ජනාධිපති තුමා සහ ගරු අග්‍රාමාත්‍ය තුමා කැබිනට් මණ්ඩලේ දී උපදෙස් දීල තියෙනවා නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය බෙදල දෙන්න කියල. නමුත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා අද දක්වා මට කිසිදු වගකීමක් බෙදල දීල නැහැ.’ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

පාර්ලිමේන්තුවේ දී බලය බෙදීම ගැන කතා කරන ඇමතිවරු බොහෝ දෙනා තමන් සතු බලය අත හැරීමට අකමැති බවයි ඔහු තවදුරටත් කියා සිටියේය.

‘මං දන්නා සමහර අමාත්‍යංශවල රාජ්‍ය ඇමතිවරු ඉන්නවා අමාත්‍යංශයට යන්නෙත් නැහැ. අමාත්‍යවරු කිහිප දෙනෙකුට තමයි ඔය බලය බෙදා ගැනීමේ රෝගය වැළඳිලා තියෙන්නේ.’ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

Related posts

නාමල් සහ කැප්ටන් තිස්ස ළගදීම අත්අඩංගුවට!

colombotoday

අපේ ඇමතිලා මොන පම්පෝරි ගැහුවත් දේශීය ව්‍යාපාර කඩා වැටිලා – රජ්‍ය ඇමති චම්පික ප්‍රේමදාස කියයි

colombotoday

ඩොලරය උඩ යයි

Admin

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසම් වාර්තාවේ පිටපතක් නීතිපතිට

colombotoday