Colombo Today Local News

නාමල් සහ කැප්ටන් තිස්ස ළගදීම අත්අඩංගුවට!

namal tissa 1212

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනයට අදාළ පරීක්ෂණ මෙහෙයවන රහස් පොලිස් කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළදී මෙම ඝාතනයට සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂගේ රියදුරු වශයෙන් කටයුතු කළ කැප්ටන් තිස්ස යන අය අත්අඩංගුවට ගනු ඇතැයි ‘රාවය’ පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත් වාර්තාවට අනුව, රටේ ඉහළම පුද්ගලයන් පාවිච්චියට ගන්නා විශේෂ දුරකථන ත‍්‍රිත්වයක් එසමයේ රට තුළ භාවිත වී ඇති අතර, ඉන් එක් දුරකථනයකට තාජුඞීන් ඝාතනය වන්නට පෙර සහ පසු යන අවස්ථා දෙකේදීම කැප්ටන් තිස්ස නමැත්තා නොකඩවා ඇමතුම් ලබාගෙන ඇත.

ඒ අවස්ථාවේදී එම දුරකථනය තංගල්ලේ සිට භාවිත කර ඇතැයි පැවසෙන්නේ නාමල් රාජපක්ෂ මහතා විසින්ය.

මෙම ඝාතනයට අදාළව මෙම පුද්ගලයන් දෙදෙනාට අමතරව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද තවත් කිහිප දෙනෙක්ද අත්අඩංගුවට පත්වන්නට නියමිත බව තවදුරටත් වාර්තා වෙයි.

මරණය ඝාතනයක් බව :

පසුගිය 25 වැනි දින මෙම ඝාතනයට අදාළව නඩු විභාගයේදී කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා මෙම මරණය ඝාතනයක් බව ප‍්‍රකාශ කළ අතර, එනිසා එම ඝාතනය සිදුකළ ඊට අනුබල දුන් සහාය වූ සැකයට ලක්වන සියලූ දෙනා අත්අඩංගුවට ගන්න යැයි නියෝගයක් ද නිකුත් කළේය

එහිදී මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළේ තමන්ගේ මෙම නියෝගය සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා දෙකක්, රස පරීක්ෂණ වාර්තාවක්, ජාන පරීක්ෂණ වාර්තාවක් සමග වාර්තා 6ක තොරතුරු සහ රහස් පොලිසිය වරින් වර අධිකරණයට වාර්තා කළ කරුණු පදනම් කරගත් බවය.

මහේස්ත‍්‍රාත්වරයාගේ එම නියෝගයෙන් පසු පසුගිය 25 වැනි දින පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරද නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වීමට නියමිත පුවත සාකච්ඡුාවට ලක්වී ඇති බව වාර්තා වෙයි.

මෛත්‍රී හා රනිල් එකඟත්වයක :

මේ අතර, නාමල් රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය නුදුරේදීම අත්අඩංගුවට ගනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ මාධ්‍ය වෙත පවසා තිබේ.

ඒ අද පෙරවරුවේ මහනුවර දළඳා මාළිගාව වැඳ පුදා ගෙන ආශීර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේදීය.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට පසුගියදා ප්‍රකාශ කර තිබුනේ, මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගැනීමට තමන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරනයක් ගෙන සිටින බවය.

-Srilankanmirror

Related posts

රාජපක්ෂ කාලෙ බිලියන හාරදාහක බැදුම්කර මගඩියක් වෙලා.. ජනපති කොමිසමක් පත්කර ඒ ගැන හොයනවා

colombotoday

මාර්ගයක් අසල නාඳුනන මළ සිරුරක්

Admin

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

colombotoday

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday