Colombo Today Local News

වෙරළ ආසන්නයට ආ ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු යළි මුහුදට මුදාහරී

මඩකලපුව වාකරේ කයන්කෙනී අභය භූමිය ප්‍රදේශයේ වෙරළ ආසන්නයට පැමිණ ගැඹුරු මුහුදට යාමට නොහැකිව ගැවසෙමින් සිටි තුවාල ලබා සිටි ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු නැවත මහමුහුදට යැවීමට කටයුතු කර තිබේ.

නැගෙනහිර වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුළු වනජීවී නිලධාරීන්, නාවික හමුදාවේ සහ ධීවර ප්‍රජාවගේ සහය ඇතිව ප්‍රථිකාර ලබාදීමෙන් පසු, මෙසේ නැවත ගැඹුරු මුහුදට යැවීම සිදුකර ඇත.

අඩි හතක් පමණ දිගින් යුත් ඩොල්පින් මත්සයන් හත්දෙනා ධීවරයන්ගේ දැලකට හසුවී වෙරළ ආසන්නයට ගසාගෙන එන්නට ඇති බවට අනුමාන කරන අතර, දැල්වලට හසුවීම නිසා තුවාල ලබාසිටි මත්සයන්හට ප්‍රථිජීවක ඖෂධ ලබාදීමෙන් පසු නාවික හමුදාවේ සහ ධීවර බෝට්ටුවලින් රැගෙන ගොස් ගැඹුරු මුහුදට මුදාහැරීම සිදුවිය.

Related posts

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday

කලිසම ඇදන් හිටියට අපේ යට ඇදුම් නෑ වගේ – අගමැතින් ඉන්න තැන හරීන් කියයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති

colombotoday

වරෙන්තු 31ක් ඇති සැකකරුවකු වත්තලදී මාට්ටු

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin

“එපා නම් කියන්න.. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය මම පොළොන්නරුවට ගන්නවා“ – ජනපති

colombotoday