Colombo Today Local News

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (09)දින පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශය සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළාය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම පළාත් සභා පිළිබඳව ද ගැටලු රාශියක් පවතින බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ඒ අනුව රටක් ලෙස ඉදිරියට යාම සඳහා පවතින මෙම ගැටලු නිරාකරණය කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා විවෘතව සහ මැදිහත් සිතින් යුතුව කරන ගැඹුරු සාකච්ඡාවකින් පසුව එකඟතාවකට පැමිණියහොත් පමණක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුනි.

Related posts

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

colombotoday

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

Admin

පාඨලීගේ නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Admin

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

colombotoday

හමුදාවේ 28 ක් හිර කරන “ජිනීවා ගැටය” නිශාන්ත ද සිල්වාගෙන් | ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා.

colombotoday