Colombo Today Local News

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණ පවත්වා මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගයට දින නියමකර තිබේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේදී තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් පැවැති උද්ඝෝෂණයට අදාළව කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.

එය අද (15)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 21 සිදුකරන බව මහෙස්ත්‍රාත්වරයා දැනුම්දී තිබේ.

එදින සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවරගන්නා බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ සඳහන්කර ඇත.

Related posts

විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

colombotoday

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

colombotoday

‘ජනපති මරමු’ යි ෆේස්බුක් එකෙන් කියූ කෙනා අත්අඩංගුවට !

colombotoday

තනි තනිව සටන් කර අයිතිවාසිකම් දිනා ගන්න බෑ- අගමැති

colombotoday

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday