Colombo Today Local News

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

පෑලියගොඩ ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

9 හැවිරිදි ගැහැණු දරුවෙකු හා 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙලෙන පිරිමි දරුවෙකු කෘරත්වයට පත්කොට ඇති බව පොලීසිය පවසයි.

ඒ සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දරුවන්ගේ මවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

සැකකාරිය රැකියාවට ගොස් රෑ බෝ වී නිවසට පැමිණෙන තෙක් දරුවන් දෙදෙනා ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තබා යන බව සඳහන් ය.

ඒ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, පෝෂණය සම්බන්ධයෙන් සහ දරුවන්ගේ අනාරක්ෂිතභාවය මත දරුවන් කෲරත්වයට පත් කිරීමේ වරදට අදාළ කාන්තාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරිය අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related posts

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin

IOCයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday