World

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සුනාමි අවදානමක් සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ ද පසුව එය ඉවත් කර තිබේ.

අද දිනයේ ඉන්දුනීසියාවේ හටගත් දෙවන භූ කම්පන තත්ත්වය මෙය වන අතර උදෑසන කාලයේදී රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ද හටගෙන තිබුණි.

කෙසේවෙතත් අදාළ භූ කම්පනයන් හේතුවෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Related posts

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

colombotoday

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

colombotoday

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Admin

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin