Colombo Today Local News

ඇණවුම් ප්‍රමාදයි… අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හිඟයි

මෙරට හිඟව පවතින ඖෂධ ඇතුළු, ඖෂධ වර්ග 1,300ක් ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ශල්‍ය උපකරණ 1,200කට අධික සංඛ්‍යාවක් ද එම ණය යෝජනා ක්‍රමයෙන් ඇණවුම් කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එම තොගය ලබන දෙසැම්බර් මාසය වනවිට දිවයිනට ලැබීමට නියමිත බව ඔහු පවසයි.

මේ වනවිට දිවයින තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120 ක පමණක් හිඟයක් පවතින බවත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීම සඳහා සියලු ඇණවුම් මේ වනවිට භාරදී ඇතත් ඒවා ලැබීමේ යම් ප්‍රමාදයක් පවතින බව ද ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14 හිඟයකින් තොරව රටතුළ පවතින බවයි.

මේ අතර ග්‍රෝස් හිඟයක් ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නැගූ චෝදනාව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ මාස 6 කට ප්‍රමාණවත් ග්‍රෝස් මීටර් මිලියන 6 ක් ගබඩාවල පවතින බවයි.

ඇතැම් ඖෂධ ගබඩාවල පැවතිය ද සන්නිවේදන ගැටලු හේතුවෙන් ඒවා බෙදා හැරීමේදි ගැටලු සහගත තත්ත්වයන් ඇතැම් අවස්ථාවල හටගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටි.

Related posts

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

සහරාන් හා අබුසාලී සමඟ සබදතා පැවැත්වු තවත් අයෙක් STF අත්අඩංගුවට

colombotoday

2022 අයවැය වියදම් යෝජනා

colombotoday

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත අද කම්කරු උපදේශක සභාවට

Admin