Colombo Today Local News

සෞදි විදේශ ඇමති ලංකාවට

සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

එතුමා සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ ඇත.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇත.

ඔවුන් සෞදි අරාබියට අයත් විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර එම පිරිස අද සවස ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ආපසු පිටත්ව යාමට නියමිතය.

Related posts

නව අගමැති වැඩ අරඹයි

colombotoday

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday

කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් වැඩි කරන්නත් සමාගම් ඉල්ලයි…

colombotoday

“මෛත්‍රීට දිනන්න බෑ” – මහින්ද රාජපක්‍ෂ නිමල් සිරිපාලට කියයි

colombotoday

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් නොකරන්න ජනපති-අගමැති සහතික වුණා“ – කාදිනල්තුමා

colombotoday