Colombo Today Local News

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

මැදවච්චිය, මයිලගස්වැව, වැවට ගිය කාන්තාවකට වැව් බැම්මේ තිබී නිධානයක් හමුවී ඇති බවත් එම නිධානය විකිණීමට සැලසුම් කර තිබියදී තිදෙනෙතු පොලිස් අත් අඩංගුවට පත් වූ බවත් මැදවච්චිය පොලිසිය කියයි.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා හට ලද තොරතුරක් මත මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චිය, මයිලගස්වැව, කිරිගල්ලෑව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 41 හා 45 ත් වන කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 54 වියැති පිරිමි පුද්ගලයෙකි.

වර්ෂාවත් සමග පසුගියදා(25) සවස වැවට ගොස් පැමිණිමෙන් සිටි කාන්තාවක් වැවේ සිට වැවි බැම්ම දෙසට ගොඩවන අවස්තාවේ දී තම පාදෙයේ මෙම නිධානය ගැටී අත. ඒ අනුව එම ස්ථානය පරික්ෂා කළ කාන්තාව වර්ෂාවත් සමග සේදී යමින් තිබූ වැවි බැම්මේ තිබුණු මෙම නිධානය දැක ඇත. අනතුරුව දෑතින් එම ස්ථානය හාරා ඇත. එහි තිබී පෞරාණික වටිනාකමින් යුත් ආභාරණ රැසක් සහ රුපියල් ලක්ෂ 25 ට ආසන්න රත්තරන් වලින් සෑදු ආභරණ තොගයක් සහ ආරු නූල් මැණිකක්, පිළිම දෙකක් මෙම කාන්තාව ඇතුලු පිරිසට එහිදී හමුවී ඇත. අනතුරුව නිවස වෙත ගොස් ඉන් කොටසක් නිවසේ සගවා තවත් කොටසක් මැදවච්චිය එක්තරා රන් අලවි කරණ මධ්‍යෂ්ථානයක් වෙත ගෙනවිති විකුණූ බව සැක කරුවන් පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව පරික්ෂා කරමින් එම භාණ්ඩ සහ පුද්ගලයින් පොලිස් භාරයට ගැනීමට මැදවච්චිය පොලීසිය කටයුතු කර ඇත.

එම පිරිස මැදවච්චිය මහේත්‍රාත් අධිකරණයට ඊයේ(26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය

colombotoday

ඥානසාර හිමි කිසිවෙකුටවත් මරණ තර්ජන කලේ නෑ… බොදු බලෙන් පිළිතුරු

colombotoday

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

Admin

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

colombotoday

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin