Colombo Today Local News

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි.

ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තබා ඇත.

තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ.

Related posts

සාම්පල 88කින් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6ක් හඳුනා ගැනේ

colombotoday

ප්‍රේමලාල් ජයසේකරගේ මරණ දඬුවම: ඉරණම තීන්දු කෙරෙන අභියාචනා තීන්දුව මාර්තු මස 31

colombotoday

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

බොදු බල සේනා මාධ්‍ය හමුව සජීවීව

colombotoday

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හඳුනා ගනී

colombotoday

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

colombotoday