Colombo Today Local News

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

සිර දඩුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නිවෙසක් සොයාගන්නා තුරු රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහුට කලින් හිමිව තිබූ නිවසේ තබා ගැනීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මෙයට ඉහතදී ඉල්ලීමක් කර තිබිණ.

ඒ අනුව රත්වත්තේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සාකච්ඡා කර ඒ සඳහා මාස තුනක සහන කාලයක් සානුකම්පිත හේතු මත ලබාදීමට දී තිබිණ.

එම මාස තුනක සහන කාලය ලබන විසි වෙනිදාට අවසන් වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කර කිසියම් තීරණයක් ගන්නා බවයි.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීමට නිවාස ප්‍රශ්නයක් පවතින බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

Related posts

සියලු පාරිභෝගිකයින්ට ටෝකන් ක්‍රමයට IOC යෙන් ඉන්ධන

colombotoday

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

දරුපල ලබන්න දේවාලෙකින් බෙහෙත් ගත් තරුණියක් මරු දකී

Admin

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday