Colombo Today Local News

වැල්ලව පොලිසිය තාවකාලිකව වසයි

කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ පොලිස් කොස්තාපල්වරියක් පැමිණි සාදයකට වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වීම හේතුවෙන් වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කරන සියළුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් අද (4)දින වැල්ලව පොලිසිය තාවකාලිකව වසා දමන ලද අතර එහි රාජකාරි කටයුතු සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් තාවකාලිකව පොලිස් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

වැල්ලව, සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි කොළඹ පොලිස් ස්ථානයක සේවය කරන මෙම කොස්තාපල්වරිය තම මවද සමඟ සිය ගම් ප්‍රදේශයේ පැවැත්වූ සාදයකට සහභාගි වීමට පැමිණ ඇති අතර එම සාදයෙන් පසුව කොස්තාපල්වරියත්, ඇගේ මවත් රෝගාතුර වී ඇත. ඔවුන්ගේ රෝග ලක්ෂණ සැක සහිත වූ බැවින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව එම සාදයටම සහභාගි වූවා යැයි කියන වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමඟ තවත් පිරිසක්ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිත කොස්තාපල්වරිය තම මවද සමග කොළඹ පොලිස් ස්ථානයේ පිහිටි නිල නිවසක රැඳී සිටි බැවින් එහිදී ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරයි.

Related posts

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදී

Admin

කොවිඩ් නීති නොතැකූ පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ අවමඟුල

colombotoday