Colombo Today Local News

මිරිස්කුඩු ප්‍රසන්නගේ චන්ඩි පුතා ප්‍රහාරයට ගිය වන්ඩිය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ

පෞද්ගලික උපකාරක පන්තියක් අසලට ගොස් පාසල් සිසුන් දෙදෙනකුට පහරදුන් බව කියන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීරගේ පුත්‍රයා ඇතුළු පිරිස පහරදීම සඳහා පැමිණ ඇත්තේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි වී ඇති මෝටර් රථයක බවට අනාවරණය වී තිබේ.

ටොයෝටා 141 වර්ගයේ WPXO 8472 අංක දරන මෙම මෝටර් රථයෙන් රාජ්‍ය ඇමැතිවරයාගේ පුත් තේනුක රණවීර ඇතුළු කණ්ඩායම පැමිණ තිබෙන බව කිරිබත්ගොඩ පොලිසිය සඳහන් කරයි.

ඇමැති පුතා ඇතුළු පිරිස කිරිබත්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් අසලදී පාසල් සිසුන් දෙදෙනකුට අමානුෂික අන්දමින් පහරදී තිබුණේ පසුගිය (26) වැනිදාය. ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ලද පැමිණිල්ලකට අනුව පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඒ අතර රාජ්‍ය ඇමැතිවරයාගේ පුත්‍රයාද සිට ඇත.

පහර කෑමට ලක්වූ පාසල් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ සහ කිරිබත්ගොඩ රෝහල්වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. 17 හැවිරිදි එම සිසුන් දෙදෙනා මාකොළ හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇමැති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙකු පෙම් හසුනක්දීමේ සිද්ධියක් පහරදීමට හේතුවී ඇතැයි අනාවරණය වී ඇත.

මේ පහරදීම ඇසින් දුටු පිරිසක් පැවසුවේ මෙසේය.

´ලොකු තදයෙක්ගේ කොල්ලෙක් ආවේ. රාජ්‍ය ලංඡනයක් ගහන් ආවේ. වාහනේ පැදන් ආපු කෙනා පොලිසියෙන් කේස් එකක් නෑ බං පොලිසිය මම බලාගන්නම් කියා පහරදුන්නා. කොල්ලෙක්ටත් හෙල්මට් එකකින් ගැහුවා ලේ වැක්කෙරෙනකල්ම. බයිසිකලයක පිරිමි ළමයෙක් හිටියා. එයාටත් මොකක් හරි කියලා ලේ වැක්කෙරෙනකල්ම ගැහුවා. කොහොම හරි ළමයි ඔක්කොටම ඉස්පිරිතාලයට යන්න තරම්ම තුවාලයි.ඒ ළමයා ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයි ගහපු ගැහිල්ලට. ඒ ආව අය පාරේ හිටපු අයටත් ගැහුවා කතා කළා කියලා. අපි පොලිසියට කතා කළේ නැත්තම් අර ළමයිව මරනවා.`

මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මෙසේ කීවේය.

´මට කිරිබත්ගොඩ පොලිසියෙන් කීවා මගේ පුතා පන්ති යන වෙලාවේ ගහගෙන කියලා. මම ඒ කිසිම දේකට සම්බන්ධයක් නැහැ. මේ ප්‍රශ්නයේදී පුතත් ගහලා. පුතාටත් ගහලා. දෙගොල්ලෝම ගහගෙන. මම අනුමත කරන්නේ නැහැ මේක. මට ඕන මගේ පුතාව චණ්ඩියෙක් කරන්න නෙවෙයි හොද දරුවෙක් කරන්න. මේ සිද්ධියට මම පුතාට දැඩි ලෙස අවවාද සහ කරන්න ඕන දේවල් පියෙක් විදිහට කළා. ඒ වගේම ඒ දෙමාපියන්ටත් කතා කරලා මම සමාව ඉල්ලුවා. ඒ වාහනයත් රජයේ වාහන වලින් මට හිමි එක වාහනයක්. ඒ වාහනය ක්ලාස් යනකොට අරගෙන ගිහින් තියෙනවා. ඒකට මම රජයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලනවා` යැයි කීවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර මෙම නඩුව සමථ මණ්ඩලය වෙත යොමුකරන බව කිරිබත්ගොඩ පොලිසිය සඳහන් කරයි.

Related posts

නාවල ඉන්ධන පිරවුම්හල කොල්ලකෑ සිද්දියට සොත්ති උපාලි ගේ පුතු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

ලාබෙට කාර්.. ෆ්‍රී වයි ෆයි.. වැට් බදු ගැන විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

colombotoday

“ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්වෙන්න හෝ අමාත්‍ය ධූරය අතහැරීමට සුදානම් නෑ “

colombotoday

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday